ආහාර හා පෝෂණය

දරුවන්ට කෑම කවන්න දඟලන අම්මලාට…

දරුවන්ට කෑම කවනවා කියන එක හුඟක් මව්වරුන්ට යුද්ධයක් වගේ. සමහරවිට අම්මලාට කේන්ති යනවා, දරුවාට ගහනවා, මානසික ප්‍රශ්න. දරුවාට කෑම කවන්න කලින් දරුවා සමග ටික වේලාවක් ගත කරන්න. පොඩි පොඩි නිර්මාණාත්මක කතා කියන්න. ඉන්පස්සෙ දරුවාට පෙන්වන්න එයාට කවන කෑම එක. ගෙදර ඉන්න ආච්චිලා එහෙම මේවා දන්නවා. හැබැයි එහෙම කියලා කෝටු පෙන්නලා බය කර ගන්න එපා. බය හිතෙන කතා එහෙම පොඩි දරුවන්ට කියන්න එපා. ඒව හොඳට දරුවන්ට තේරෙනවා. මොකද කෑම කනවා කියන්නෙත් එක්තරා අධ්‍යාපනයක්. ඒක හොඳට මතක තියාගන්න.

පුළුවන් තරම් කෑම සමඟ දරුවාව මිතුරු කර ගන්න. මුල් අවදියේ අපි බෙරි කරලානේ කෑම දෙන්නේ. ටිකක් ලොකු වෙනකොට ඒ කියන්නේ ඝන ආහාර දෙනකොට කෑම වර්ග ඒක ඒක හැඩයට කපාගන්න. (කොටු, ත්‍රිකෝණ, රවුම්) තමාට හිතෙන විදියට ලස්සනට කෑම හදන්න. ඒවට දරුවා හුගක් කමතියි.

ඒ වගෙම අපේ අම්මලා හරි කැමතියි රූපවාහිනිය ඉස්සරහ වාඩිවෙලා දරුවාට බත් කවන්න. හොඳට මතක තියාගන්න, මේවා දරුවාගේ පෝෂණ අවශ්‍යතාවය කියන මාතෘකාවට තදින් බලපානවා. මේවායේ අහිතකර පලවිපාක බලන්න ටිකක් කල් යනවා.

අපිට සමහර දෙමව්පියො කියනව “අනේ බලන්න මගේ දරුවාගේ අධ්‍යාපනය හරි අඩුයි, ඉගෙන ගන්න හරියට අදි මදි කරනවා. කිසිම දෙයක් තේරුම් ගන්නෙ නෑ, හරිම මුරණ්ඩුයි” මේ වගේ කතා. ප්‍රධානම කාරණය තමයි දරුවාගේ මූලික වර්ධනය සිදු වෙන්නේ වයස අවුරුදු 1 සිට 10 දක්වා කාලය තුල. ඒ තමයි දරුවා අත්දැකීම් අහුලන කාලේ, අත්දැකීම් දරුවාගේ අනාගතයට හුරු කරලා නැහැ. ඒක හින්දා ඔබ දරුවාට වැඩිපුර කාලය වෙන් කරන්න. අම්මා වගේම තාත්තත්. තාත්තට හුරුකරන්න දරුවාට කෑම කවන්න. දරුවන් ඒකට කැමැතියි. පොඩි පොඩි ක්‍රියාකාරකම් කරන්න. ගහකොළ, පරිසරය, සත්තු පෙන්වන්න. පුංචි පුංචි උපක්‍රම තුලින් දක්ෂ නිරෝගී දරුවෙක් නිර්මාණය කරගන්න…

ආචාර්ය වෛද්‍ය චන්දිමා විජයගුණවර්ධන…

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close