සෞඛ්‍ය සායනය

මුල් ළමාවියේ දරුවාගේ මානසිකත්වය….

මනුස්ස ජීවිතයේ පදනම හෙවත් දරුවෙකුගේ ජීවිතයේ තීරණාත්මක අවධිය ලෙස සැලකෙන ” මුල් ළමාවිය ” දරුවෙකුගේ උපතේ සිට අවුරුදු 3ක කාලසීමාව ඉන්ද්‍රීය චාලක අවදිය ලෙස එහෙමත් නැත්නම් පුර්ව ක්‍රියාකාරි චින්තන අවධිය ලෙස ජින් පියාජේ නම් සුප්‍රකට මනෝ විද්‍යාඥයා පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව ඉන්ද්‍රිය චලනය හෙවත් ඉන්ද්‍රීය චාලක අවධියේදී දරුවාගේ මොළය හා ස්නායු පද්ධතිය උත්තේජනය වන්නේ පංච ඉන්ද්‍රියයන් මගින් ඇතිවන සංවේදන මඟින්. ඇසින් දකින රූප රටාව පණිවුඩ මොළයට ගෙන යමක් හා තේරුම් ගැනීම ඇසට සම්බන්ධ ස්නායු හා මොළය මගින් සිදු වනවා. පළමුවෙන්ම දරුවා යමක් දෙස බලනවා. දෙවනුව සිරුරේ අවයව මඟින් ඊට සම්බන්ධ වී ප්‍රතිචාර දක්වනවා. අඩියක් පටන් දුරින් වූ දීප්තිමත් වස්තු කෙරෙහි ඇස යොමු කරනවා. මාස දෙකක් පමණ යන විට වැඩි වශයෙන් අවදි වී සිටිනවා. මාස තුනක දී පමණ මිට මොලවාගෙන සිටි ඇඟිලි දිග හරිනවා. ශබ්ද නිකුත් වන දෙස හැරී බලන්නට පුරුදු වෙනවා. කිති කවන විට සිනාසෙනවා. මෙම චාලක ක්‍රියාකාරීත්වය තුළින් දරුවා තමා අවට ඇති පරිසරය පවුල් සම්බන්ධතා ක්‍රමයෙන් අවබෝධ කරගැනීමට උත්සාහ ගන්නවා.

මොළයේ සම්බන්ධතා…

දරුවෙකු මුල් දින කිහිපයේ නිදා ගැනීම, හැරීම මවගේ කිරි උරා බීම, අත් පා දිග හැරීම ආදී ප්‍රාථමික ක්‍රියා සිදුකරන අතර ක්‍රමයෙන් ද්වීතියික ක්‍රියාකාරකම් ආරම්භ කරනවා. මෙහිදී මනුෂ්‍ය ජීවිතයේ පැවැත්මට අවශ්‍ය කරන මොලය නම් ඉන්ද්‍රිය තුල සවිමත් ලෙස ගොඩනැගිය යුතු සම්බන්ධතා 75% ක් පමණ ඇති වන්නේ මෙම වයස් කාලය තුළදී. මොළය සම්බන්ධ වන මෙම ලක්ෂ සංඛ්‍යාත සෛල “නියුරෝන” නමින් හඳුන්වනවා.

අම්මා හඳුනාගැනීම….

මාස නවයක් කුස තුල ජීවත්වූ බිළිඳා තම මව හඳුනාගන්නේ ඇයගේ ශරීරයෙන් හමා එන “මව් කිරි සුවඳින්”. එමෙන්ම මවගේ කට හඩින්. පංචේන්ද්‍රයන් අතර සංවේදීම ඉන්ද්‍රියය “කන” එබැවින් මව හා දරුවා රැකබලා ගන්නා වැඩිහිටියන් දරුවාට ඇසෙන සේ ආදරණීය වචනවලින් නිතර කතාබහ කළ යුතුයි. එමෙන්ම පරිසරය ඇසෙන විවිධ ශබ්ද වලට දරුවා සංවේදී වෙනවා. අතපය සෙලවීම, හිස හැරවීම, පැත්තට පෙරලීම, බඩ ගෑම, දන ගෑම,ඇස් හැර වීම ආදී ක්‍රියාවන් තුළින් පරිසරය නිරීක්ෂණය හා ගවේෂණය කිරීම ආරම්භ කරනවා. දරුවකු ඉපදී දින කිහිපයක් ගිය විට දරුවා හොඳින් නාවා අවසන් වූ පසු උදේ කාලයේ හිරු එළිය හොඳින් ඇති වෙලාවක එළිමහනට ගෙන ගොස් දරුවා ස්වාභාවික පරිසරයට හුරු කළ යුතුයි. බොහෝ මවුවරුන් දරුවාට දූවිලි, විසබීජ ශරීරගත වේ යැයි බියෙන් දරුවන් නිවස තුළම තබා ගනී. මෙය දරුවාගේ බුද්ධි සංවර්ධනයට බලපාන බව වටහා ගන්න.

පරිසරයේ අසිරිය

දරුවා හිරු එළියට නිරාවරණය කිරීමෙන් දරුවාගේ සමේ පැහැයට අවශ්‍ය විටමින් D ලැබෙන බව ඔබ දන්නවාද? එසේම දරුවා ඇස්, මුව අයා ගනිමින් වටපිට බලමින්, පරිසරයේ ඇසෙන විවිධ ශබ්ද වලට සවන් දෙන අයුරු ඔබට දැකගත හැකියි. ඇසින් දකින රූප රටා පණිවිඩ මොළයට ගෙන යෑම හා තේරුම් ගැනීම ඇසට සම්බන්ධ ස්නායු උත්තේජනය තුලින් සිදු වෙනවා,මෙය ඉවෙන් මෙන් දැන ගන්න.

කථිකාචාර්ය නයනා දමයන්ති ගුණවර්ධන
ජාතික අධ්‍යාපන ආයතන

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close