හැඩ වැඩ

බිලිඳාට ඇඳුම් තෝරා ගැනීමේදී මේ ගැනත් ඔබ සිතුවාද?…

දිනෙන් දින අලුත් වන විලාසිතාවන් අතරේ බිලිඳාට ඇඳුම් තෝරා ගැනීම කුළුඳුල් දෙමව්පියන් වන ඔබ මහත් අපහසුතාවයට පත් කරන කාරණාවක්. එම නිසාම රන්පැටියා.lK අපි ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට සිතුවා…

කුඩා දරුවන්ට ඇඳුම් තෝරා ගැනීමේදී අවධානය යොමු කළ යුතු කාරණා තුනක් තිබෙනවා. එනම් දරුවාගේ ආරක්ෂාව, සුව පහසුව සහ ලෙහෙසියයි.

ආරක්ෂාව ගැන අවධානය යොමු කිරීමේදී විවිධ  බොත්තම්, අලංකරණය සඳහා යෙදූ පබළු හෝ වෙනත් ආයිත්තම් සහිත ඇඳුම් භාවිතා නොකළ යුතුයි. මෙවැනි දේ යම් විටක දරුවා කටේ දමාගැනීමට හැකි සේම, සුසිනිදු සම මේවා නිසා සීරීම් වලට ලක්විය හැකියි. එමෙන්ම පහසුව සහ ලෙහෙසිය ගැන සිතීමේදී ඇඟට තද වූ බෙල්ල ප්‍රදේශයේ කරඋඩ දැමූ ඇඳුම් (high neck) භාවිතය දරුවා අපහසුතාවයට ලක් කරයි. එසේම බඩ හෝ පපුව ප්‍රදේශය තද වූ හෝ විවිධ ඉලාස්ටික් වර්ග යෙදූ ඇඳුම් මිලට ගැනීමේදී ද දෙවරක් ඒ ගැන සිතා බලන්න. එසේම විවිධ රෙදි වර්ග ද බිලිදාගේ සමට නොගැළපෙන අතර පහසුවෙන් දහඩිය උරා ගත හැකි සුසිනිදු සමට වඩාත් සුවදායි කපු (cotton) රෙදිවලින් මැසූ ඇඳුම් භාවිතය සුදුසු වේ.

තවද ඔබ වගේම තවත් අය පැමිණ ඇඳුම් තෝරා බලන නිසාවෙන් නිරන්තරයෙන් විවිධ විෂබීජ තිබිය හැකි බැවින් සාප්පුවෙන් මිලට ගන්නා ඇඳුම් බිළිඳාට ඇන්දවීමට පෙර හොඳින් සෝදා පිරිසිදු කර මැද ගැනීමට අමතක නොකරන්න. ඉහත කරුණු සලකා බලා ඇඳුම් තෝරාගන්නේ නම් ඔබේ බිළිදා නිරන්තරයෙන් සතුටින් සිනාසෙමින් සිටින අතර ගෙවන මිලට වැඩි වටිනාකමක් ඇති දෙයක් මිලට ගැනීමෙන් ඔබත් තෘප්තිමත් වනු නොඅනුමානයි.

සටහන –
ශාක්‍යා ජයලත් කුරේ.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close