සෞඛ්‍ය සායනය

රන් පැටියෙකුගේ සිහිනය සැබෑ කරගන්නට නම්…

විවාහයෙන් පසුව යුවළකගේ සිහිනය තමයි දරුවෙක් හදා ගැනීම. සැලසුමක් ඇතිව දරුවෙක් ලබා ගැනීමයි වෛද්‍ය මතය. අපිට වෙඩින් එකක් ගන්න මාස ගණනක් සැලසුම් කරන්න පුළුවන් නම්, ඇයි දරුවෙක් හදා ගන්න කලින් සැලසුම් කරන් නැත්තෙ.

ප්‍රධාන වශයෙන් පුරුෂයා හා ස්ත්‍රිය අතර තිබෙන සෞඛ්‍ය හා මානසික යහ පැවැත්ම ගැන සිතන්න ඕනෙ. විශේෂයෙන් පිරිමියා මත්පැන් හා දුම් පානයට හුරු වෙලා ඉන්නවා නම් එයින් ඈත් වීම අනිවාර්යයි.

විවාහය ලියාපදිංචි කරන දවසේ රේජිස්ටර්වරයා හෝ වරිය ඔබට දෙනවා පොඩි කාඩ් එකක්. ඒ කාඩ් එක අරගෙන ගිහින් ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිළධාරිනි හමුවන්න. එතුමිය දෙයි පොඩි පොතක්. ඒකෙ තියන කරුණු හොඳට කියවලා බලන්න. එතකොට ඔබට යම් අදහසක් ගන්න පුලුවන්. ඒකට හේතුව, විවාහයෙන් පස්සේ ඉක්මනින්ම දරුවෙක් බලාපොරොත්තු වන අය හා ටිකක් ප්‍රමාද වෙලා දරුවෙක් බලාපොරොත්තු වන අය විදියට කණ්ඩායම් දෙකක් ඉන්න නිසා.

ඉක්මනින් දරුවෙකු හදා ගැනීම..

ඒ කියන්නේ, හනිමුන් බබෙක් හදාගන්න බලාපොරොත්තු වන කාන්තවන්, විවාහයට පෙර ෆොලිකි අම්ලය (folic acid) ඖෂධය, මාසයකට පමන පෙර සිට ගැනීම කළ යුතු වෙනවා. එවගේම රුබෙල්ලා එන්නත ලබා ගන්න. පෝෂණ තත්ත්වය පවත්වා ගන්න. රුධිරයේ හිමෝග්ලොබින් පරීක්ෂාව වගේම ශරීරය BMI අගය බැලීම වැදගත් වනවා. යොවුන්වියේ 15% 20% කාන්තාවන් රක්ත හීනතාවයෙන් පෙළෙනවා.

අනිත් එක තමයි යකඩ පෙති (iron tablets). මොකද කලලයේ හා මොළයේ වර්ධනයට එහි අවශ්‍යතාව බලපානවා. ඒ වගේම ආහාරවල පෝෂණයත් අවශ්‍යයි.

BMI අගය (ශරීර ස්කන්ධ දර්ශකය )

උසට සරිලන බරක් පවත්වාගෙන යා යුතුයි.
එහි ප්‍රශස්ත අගය 19ත් – 25ත් අතර පවත්වා ගත යුතුයි.

අනෙක් එක තමයි දීර්ඝ කාලීනව ඖෂධ ගන්න කෙනෙක් නම් දියවැඩියාව, අධිකරුධිර පීඩනය, තෛයිරෝයඩ්, අපස්මාරය, මානසික රෝග වැනි කාණ්ඩවල අය වෛද්‍යවරුන්ගෙන් අනිවාර්යෙන්ම උපදෙස් ගත යුතුයි. මොකද සමහර ඖෂධ වර්ග දරු ගැබට හානි විය හැකි නිසා. තවත් එකක්, හඳවතට අදාළ රෝග ඇති අය (හදවතේ සිදුරු), හැබැයි මේ හේතුව දරුවෙක් ලබන්න බාධාවක් නොවේ. නමුත් වෛද්‍යවරයකු හමු වෙලා ඒ සම්බන්ධව සාකච්ඡා කළ යුතුයි. ඒ වගේම තමයි මානසික යහපැවැත්ම අනිවාර්යයි.

බිරිඳ වගේම ස්වාමි පුරුෂයාටත් තියනවා වගකීම් ප්‍රමාණයක්. හැමවිටම බිරිඳට උදව් කරන්න ඕන. දරුවා ලැබීමට තිබෙන සූදානමට පරිසරය සැකසීම ස්වාමි පාර්ශ්වයේ වගකීම. මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ කියල හැඟීම හිතේ තියාගෙනම සතුටින් ඉන්න බලන්න ඕනේ.

ඔබට සාර්තක නිරෝගී දරුවෙක් ලබා ගැනීමට මෙම කාරනා හොඳ සූදානමක් වෙයි.

වෛද්‍ය අමිල චන්ද්‍රසිරි – ප්‍රජා වෛද්‍ය විශේෂඥ
සෞඛ්‍ය අමාත්‍යාංශය

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close