සෞඛ්‍ය සායනය

අලුත උපන් දරුවාට බහුලව ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු…

දරුවකුගේ අත්දැකීම ලැබුන මුල් කාලයේ ඒ කියන්නේ පළමු දවස් කිහිපයේ ඇතිවන යම් යම් සෞඛ්‍ය කරුණු නිසා අම්මලා ටිකක් බය වෙනවා.ගොඩක් වෙලාවට ගෙවල් වල ලොකු කලබල පවා ඇති වෙනවා.අපි ඒ හින්දම පුංචි දරුවන්ට මුල් කාලයේම ඇති වන මේ ගැටලු ගැන උපදෙස් ටිකක් දෙමු.

මුල්ම කරුණ තමයි දරුවා ඉපදිලා මුල් දවස් 2-5 අතර දරුවාගේ ඇඟේ ඇති වන රත් පැහැති බිබිලි,සමහර බිබිළි සැරව බිබිලි බවටත් පත්වෙන්න පුළුවන්.මේකට බය වෙන්න එපා. සාමාන්‍ය බිබිලි තත්වය සති දෙකක් පමණ යන විට සුව වෙනවා.හැබැයි මේවට ගෙවල්වල අම්මලා රත කල්ක එහෙම පොවන්න උත්සාහ කරනවා.ඒ පිළිබඳව නම් අපි අනුමත කරන්නැ. හැබැයි සැරව බිබිලි ඇති වුනොත් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම අවශ්‍යයි.

ඇස්වල හා හමේ කහ බව

මේ තත්ත්වය ඇති වෙන්නේ දරුවා ඉපදී පළමු දින 2-7 අතර කාලයේදියි.සමේ කහ ගතිය දුරලීමට පුංචි ප්‍රතිකාරයක් තියෙනවා අපිට ගෙදරදීම කරගන්න පුළුවන්.උදෑසන හිරු එළිය ඒ කියන්නේ උදේ 7-9 අතර අව්වට දරුවාව ඇල්ලිම මගින් මේ ගතිය ලෙහෙසියෙන්ම අඩු කරගත හැකියි.හැබැයි දරුවාට සති 2 වඩා මේ සමේ කහ ගතිය පේනවා නම් වෛද්‍ය උපදෙස් ගන්න අවශ්‍යයි.ඒ වගේම තමයි දරුවාගේ මලපහ මැටි වගේ සුදු ගතියෙන් යන්න පුළුවන්.මේ කියන කරුණු නැත්නම් දරුවාගේ සමේ කහ ගතිය ගැන බිය විය යුතු නැහැ.

නිතර මලපහ පිට වීම

ගොඩක් අම්මලා අපිට කියනවා අනේ ඩොක්ටර් අපේ බබා හැමතිස්සෙම “තෙත් කර ගන්නවා “ලෙඩක්ද දන්නෑ කියලා.ඒකට හේතුව තමයි දරුවා හොඳට මව් කිරි බොනව නම්,එහෙම නැත්නම් හොඳට පෙවිලා තියෙනවා නම් එයා දවසට 10-12 වතාවක් උනත් සුළු වශයෙන් විටින් විට මලපහ කලාට ඒක සාමාන්‍ය තත්වයක්.

ඇස් වලින් කඳුළු ගැලීම

මේකත් ටිකක් සුලබයි.ඇසත්,නාසයත් අතර පවතින සියුම් නාලයක් අවහිර වීම තමයි ගැටලුව. නමුත් එම තත්වය දරුවාගේ ඇස මුල දිනපතා දවසට දෙතුන් වරක් මසාජ් කිරීමෙන් මඟ හැරී යනවා. එහෙම නැත්නම් වෛද්‍ය උපදෙස් ගන්න.

හිසෙහි ඇතිවන ඉදිමුමක් සහ එක් පසෙකට පමණක් හැරී සිටීම

මෙම තත්ත්වය ඉතා අපහසු ප්‍රසව තත්වයකදී ඇතිවිය හැකි තත්වයක්. ප්‍රතිකාර අවශ්‍ය ම තත්ත්වයක් නැහැ.බොහෝ වේලාවට සතියකින් පමණ සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා.සමහර වෙලාවට ටිකක් කල් යයි.බිය විය යුතු නැහැ.සමහර අවස්ථාවලදී අපි දැකලා තියෙනවා දරුවා එක පැත්තටම හැරිලා නිදා ගන්නවා.මේකත් ඉතා අපහසු ප්‍රසව තත්ත්වයක දී තමා වෙන්නේ. දරුවාගේ බෙල්ලේ මාංශ පේශී කොටස් තුවාල වීම නිසා තමයි මේක වෙන්නේ.බෙල්ල ප්‍රදේශයට පුංචි ව්‍යායාමයක් ලබා දීම තමයි කළ යුත්තේ.අනිවාර්යයෙන් ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

ළමා රොග විශේෂඥ වෛද්‍ය පුන්‍යානි බන්දුතිලක

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close