සෞඛ්‍ය සායනය

ඔබේ පවුල සැලසුම් සහගත පවුලක් ද ?

“පවුල් සැලසුම “කියන්නේ මොකක්ද?

 

ඇත්තටම පවුල් සැලසුම කියන්නේ “තමාගේ පවුල ස්වාමි පුරුෂයා හා බිරිඳ විසින් මුල සිට ම ඇති කරගත් එකඟතාවක් මත සැලසුම් සහගතව ගොඩ නැගීමයි” මේක ඉතා විශාල පරාසයකින් යුක්ත සැලසුමක්. ඊට තම පවුලේ පැවැත්ම ළඟා කරගත යුතු ආර්ථික හා සමාජමය තත්වය, පවුල ගොඩනැගෙන ස්ථානය හා ඔවුන්ට දාව ඇතිවන ඊළඟ පරම් පරාව (ළමයින් )යන ආදී විශාල සමාජ
විද්‍යාත්මක වපසරියකට යටත් වේ.

පවුල් සැලසුම ගැන වෛද්‍ය විද්‍යාව පැත්තෙන් බැලුවොත් ඉතාම වැදගත් කොටස වන්නේ,දෙමාපියන් හා දරුවන් යන දෙකොට්ඨාශයේ ම මානසික හා ශාරීරික සෞඛ්‍ය උපරිම මට්ටමින් පවත්වා ගනිමින් තම පවුලේ සංඛ්‍යාව තීරණය කිරීමයි.

සැලසුම් සහගතව ගොඩනඟන පවුලක සිටිය යුතු ළමයින් ගණන තීරණය කිරීමේදී නොයෙකුත් දේ ගැන සැලකිලිමත් විය යුතු බව පැහැදිලියි. මේ සඳහා ඔවුන් ජීවත් වන පරිසරය,ආර්ථික තත්වය,ඔවුනට ලැබෙන සහයෝගය හා පහසුකම්, ඔවුනෙවුන්ගේ ජීවින බලාපොරොත්තු යනාදී නොයෙකුත් සාධක ඍජුවම බලපාන බව පෙනේ.මේ නිසා මනා සැලැස්මක් ඇති පවුලක සිටිය යුතු දරුවන් ගණන දෙකයි,තුනයි හෝ සිවු දෙනායි යනාදී වශයෙන් අර්ථ දැක්වීම තවදුරටත් කාලෝචිත නොවන බව මාගේ හැගීමයි.ඉතින් “පුංචි පවුල හැම විටම රත්තරන් නොවන බව” පැහැදිලියි.

තම පවුල සැලසුම් කිරීමේදී

1. තමා විවාහ විය යුත්තේ කුමන වයසේදී ද.
2. තමාගේ පලමු වන දරුවා ලැබිය යුත්තේ කිනම් කාලයකදී ද.
3. තම දරුවන් අතර පරතරය කොපමණ කාලයක් විය යුතු ද.
4. තම පවුලට දරුවන් කී දෙනකු සිටිය යුතු ද.
5. තමා දරුවන් සාදා අවසන් කරන්නේ කුමන කාලයකදීද.

යන කාරණා ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.ඉහත කරුණු සැලකිල්ලට ගෙන තම පවුල සැලසුම් කර ගැනීම සඳහා උපත් පාලනයේ ඇති වැදගත්කම හා ඒ සඳහා තමාට වඩාත් සුදුසුම ක්‍රමය තෝරා ගන්නේ කෙසේ ද යන්න අපි ඊළඟ සතියේදී සාකච්ඡා කරමු.

වෛද්‍ය අකලංක දොඩංගොඩ
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරි
මද සරු බව, ලිංගික, හා ප්‍රජනන සෞඛ්‍ය සඳහා වූ ඒකකය
මහ මෝදර ශික්ෂණ රෝහල
Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close