සෞඛ්‍ය සායනය

සිහින සැබැකල රන් පැටව්… 02 කොටස

හර්ෂනී හෙට්ටිආරච්චි

‘අම්මා’ මිහිපිට ජීවත් වෙන ඕනෑම කෙනෙකුට අහන්න ලැබෙන සුන්දරම,ආදරණීය වදන කිව්වොත් ඔබත් එයට එකඟ වේවි.දිවි හිමියෙන්,වෙහෙස මහන්සියෙන් තම දරුවන්,පවුල වෙනුවෙන් ඉටු කරන අපරිමිත සේවයට කිසිදු මිලක්,ත්‍යාගයක් බලාපොරොත්තු නොවන එකම තැනැත්තිය ඇයැයි.මෙතේ බුදුන් දැක නිවන් දකින්නට විවරණ දෙන්නට ශක්තිය ඇත්තේ ඇයට පමණයි.දස මසක කාලයක් තම කුස තුළ වැඩෙන ආදරනීය සිගිත්තා ආරක්ෂා කරගන්නට අමිමෙක් කෙතරම් දුක් මහන්සියක් දරනවාද?.බොහෝවිට එක් සිගිත්කෙකුට සීමා වූ මව් කුස තුල පුංචි පැටව් දෙන්නෙක් හෝ තුන්දෙනෙක් ඉන්නවා කියලා දැනගත්තම ඒ අම්මට දැනෙන සිතුවිලි මෙතකැයි කියන්න බැරි වේවි.මේ එවන් වූ පුංචි තුන් නිවුන් සිගිත්තියන් බලන්නට “රන් පැටියා” ගිය ගමනේ තොරතුරු යි…

“අපි විවාහ වෙලා දරුවෙක් ප්‍රමාද කරන්න කැමති වුනේ නැහැ.ඉක්මණින් ම දරුවෙක් බලාපොරොත්තු වුණා. නමුත් ටික කලක් යනකොට එය සාර්ථක නොවුන නිසා අපි විවිධ බටහිර වෛද්‍ය ක්‍රම වලට යොමු වුණා.ඒත් අපිට නිශ්චිත ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. ඒ අතරෙදි තමයි අපේ මිතුරෙකුගේ මාර්ගයෙන් අපිට දැනගන්න ලැබුණේ කොළඹ කාසල් රෝහලේ දරු උපත් ප්‍රමාද අයට ප්‍රතිකාර කරන ඒකකයක් තියෙනවා කියලා.අපි එතැනටත් යොමු වුණා. ඒ කාසල් රෝහලේ 21 කාමරය.එතනදි වෛද්‍යවරු අප පරික්ෂා කරලා අවශ්‍ය ප්‍රතිකාර වලට යොමු කළා.

මම පෞද්ගලික අංශයේ පාසලක ගුරුවරියක් ලෙස සේවය කළේ. පාසලේ වැඩ කටයුතු කරන අතරෙදි මම දැනගත්තෙ මම ගර්භණී භාවයට පත්වෙලා කියලා.මට දැනුන සතුට කියලා නිම කරන්න බැහැ.දරුවෙක් ගැන මගෙත් සැමියාගෙත් ලොකු හීනයක් තිබුණ නිසා මම ගොඩක් පරිස්සම් වුනා. සති හතේදී මට පාසලේදී රුධිර වහනයක් වුණා.මම ගොඩක්ම බය වුනා. මගේ බලාපොරොත්තු නැති වෙයි කියලා. වහාම පෞද්ගලික ගිලන් රථයකින් කොළඹ කාසල් රෝහල ට මාව ඇතුළත් කළා.එහිදී වෛද්‍යවරුන් සිදුකල ස්කෑන් පරීක්ෂණයකින් තමයි දැනගත්තේ මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නව කියලා.ඒ මොහොත දැනුන සතුට කියා නිම කරන්න බැහැ. මම රෝහලට ගියේ දෙගිඩියාවෙන්.දෙවියෝ බුදුන් සිහි කරගෙන අපිට නරකක් වෙන්න එපා කියලයි මම රෝහලට ගියේ. දරුවො තුන්දෙනෙක් කියල දැනගත්තම මගේ සැමියා ඔක්කොටම වැඩිය සතුටු වුණා.මගේ අම්මා, තාත්තා හැමෝටම සතුටුම දවසක් එදා. ඒ ගිය අවුරුද්දේ (2017) මාර්තු 29. මට අවශ්‍ය ප්‍රතිකාර සියල්ලම කාසල් රෝහලේ දී වෛද්‍යවරු සිදුකළා.දරුවෝ තුන් දෙනෙක් නිසා පරිස්සම් වෙන්න ඕනෙ කියලයි වෛද්‍යවරු කිව්වේ.මොකද වෛද්‍ය ප්‍රතිකාර මගින් මම ගැබ් ගත් නිසා.

ඇත්තටම දරුවෝ තුන් දෙනෙක් මගේ කුසේ ඉන්නවා කියන එක මට අසිරිමත් සිදුවීමක් වුණා.එයාලව ආරක්ෂා කරගන්නේ කොහොමද කියල මමත් මගේ සැමියත් අපි දෙදෙනාගේ දෙමව්පියොත් එකතුවෙලා සාකච්ඡා කළා.ඉන්පසු දරුවෝ ආරක්ෂා කරගන්න මම රැකියාවෙන් පවා ඉවත් වුණා.මගේ මුළු ගර්භණී සමය ම මට ලොකු පීඩනයක් සහ කටුක අත්දැකීමක් වුනා.නමුත් මම ඒක සුන්දර අත් දැකීමක් කරගත්තා. අපේ ගමේ පවුල් සෞඛ්‍ය සේවිකාව නිතරම මාව බලන්න ආවා.ඇයගේ උපදෙස් මත මම දරුවන්ට නිතර කතා කළා. කතන්දර කිවුවා. කවි කිවුවා.ඒ අතර “මවක මහිම” වැඩසටහනට මට සහභාගි සහභාගි වෙන්න ලැබුණා.ඒ වැඩසටහන ලොකු හැරවුම් ලක්ෂයක් වුනා මට. සෞන්දර්ය කියන දේ දරුවන්ට වැදගත් බව ගුරුවරියක් විදියට මම දැනගෙන හිටියත් නැලවිලි ගීතයේ ඇති වටිනාකම ගැන මම ඒ වැඩසටහනෙන් දැන ගත්තා.එතැන් පටන් මම බබාලට නැලවිලි කවි කිවුවා. ඒ හුරුව නිසා මගේ පැටවු ටික අදටත් නැලවිලි කවි කියලා නලවන කොට විතරයි නැළවෙන්නේ.

මගේ තිබුණ යමි ශාරීරික ප්‍රශ්ණ මත මගේ වෛද්‍යවරයා තීරණය කළා මාව රෝහල් ගත කර ප්‍රතිකාර ලබා දිය යුතු බව.ඒ අනුව සති තිහේදි (30) මාව රෝහල් ගත කලා. දරැවන් ලැබෙන තුරැම මම මාස එක හමාරක් කාසල් රෝහලේ නමය (9) වාටිටුවෙි නේවාසිකව ප්‍රතිකාර ලැබුවා.විශේෂයෙන් කියන්න ඕනේ එතනදි මම තේරැමි ගත්ත දෙයක් තමයි වෛද්‍යවරැ, හෙදියන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් කියන්නේ දෙවිවරැ කියලා.මට හිතට බයක් දැනුනේ නැහැ මගේ දරැවන්ට අනතුරක් වෙයි කියලා.ඒ කාලය තුළ සියළුම කර්ය මණ්ඩලයේ උදවු ඇතිව මම සතුටින් හිටියා.මට ඉහළම සේවයක් ලැබුණා.මම ඒ හැමෝටම (කාසල් රෝහලේ කාර්ය මණ්ඩලයට ) ස්තුති කරන්න මෙික අවස්ථාවක් කර ගන්නවා.ඔවුන් සියළු දෙනා ලොකු පිනක් කළේ.
ගර්භණී සමය මට ලොකු අත්දැකීමක්.ඒ වගේම ඒක මට උපාධියක් වගේ.අම්මෙක් විදිහට අපි ගොඩක් දැනුවත් වෙන්න ඕනේ. ශාරීරිකව වගේම මානසිකවත් ඒ සඳහා සූදානම් වෙන්න ඕනේ.රැකියාවෙන් ඉවත් වුණ නිසා දරුවන් සඳහා අවශ්‍ය සියලුම දේ මම ටිකෙන් ටික සූදානම් කළා.මගේ හැකියාවන් ගෙන් මගේ දෑතින් ම මගේ අත්දැකීම් මම පොත් වලට ගොනු කළා…

දරැවන් තුන්දෙනෙක් කියන්නේ ලොකු වගකීමක්.ඔවුන්ගේ වර්ධනයන් එකටමයි සිදු වෙන්නේ.මම ගුරැවරියක් නිසා මම දන්නවා පුර්ව ළමා විය සංවර්ධනය හරි වටින දෙයක්. ඒක පටන් ගන්නේ දරුවා මවු කුසේ පිළිසිද ගත් දවස පටන්.ඒ නිසා දරැවන්ගේ මානසික සංවර්ධනය වෙනුවෙන් මම කලින්ම බොහෝ දේ කළා.

මගේ පැටවු තුන් දෙනා බිහි කරන්න ලැබුණ අවස්ථාව දුක හා සතුට අතර දෝලනය වු අවස්ථාවක්.තව ටිකකින් මගේ පැටවු මගේ අතට ලැබෙනවා නේද කියලා මට පුදුම සතුටක් දැනුනේ.මගේ පැටවු තුන් දෙනාම දුවරැ. ශල්‍යාගාරයේදී සිදු වු දේ ඇත්තටම හීනයක්.නමුත් සියළු කාර්ය මණ්ඩලය මට බයක් නොදැනෙන්න කටයුතු කළා.ඒ සියළු දේට මම මුහුණ දුන්නේ මගේ ආගමෙි ශක්තියෙන්.

මගේ පැටවු ටික හොදින් බලාගන්නේ කොහොමද කියන එක මට මුලින්ම ලොකු ගැටළුවක් වුණා.ඒත් මගේ පවුලේ සියළු දෙනාත් සැමියාගේ පවුලේ සියළු දෙනාත් මට විශාල ශක්තියක් වුනා.අපි කොහොමහරි පැටවු ටික ලොකු කර ගමු කියලා. මාස දහයකට ආසන්න කාලයක් ඡිවිතයේ සිදුවු ලොකුම වෙනසක් එක්ක විදවු දුක් පීඩා සියල්ල අද වෙනකොට විදීමක් බවට පත්වෙලා තියෙනවා,මගේ පැටවුගේ සුරතල් දකිනකොට. මං හිතන්නේ මෙි අත්දැකීම හැම අමිමෙකුටම උරැම දෙයක්.කාලයකදී විදවන අත්දැකීමි පසුකලකදී අපට විදීමක් බවට පත් වෙනවා.

අම්මා – හර්ෂනී හෙට්ටිආරච්චි
තාත්තා – සුදත් අමිල සමරකෝන්

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close