සෞඛ්‍ය සායනය

මේ දිනවල පවතින වෛරස් රෝගයෙන් ආරක්ෂා වීමට නම්…

මේ දවස් වල පවතින වියළි කාලගුණික පරිසරය මත නිරන්තරයෙන්ම දරුවන් වගේම දෙමව්පියන්ට උණ හිසරදය කැස්ස හතිය වගේ ලෙඩ රෝගවලින් පීඩා විඳිනවා. ඇතැම් අවස්ථාවල දෙමව්පියන්ගේ කාර්යබහුල ජීවන රටාව තුළ යම් යම් අත්බෙහෙත් වගේම විවිධ බෙහෙත් ලබාදිමෙ අවස්ථා දක්නට ලැබෙනවා. ඒ හින්දම රන් පැටියා අපි මේ රෝග ලක්ෂණ පිළිබඳව සොයා බැලුවා.

පවතින කාලගුණික තත්ත්වය නිසා මේ දවස් වල මේ වෛරස් උණ හා කැස්ස සහිත රෝගීන් අපට හමුවනවා. ඇත්තෙන්ම මේක වෛරස් රෝගී තත්ත්වයක්. මේ දිනවල උදෑසන පවතින අධික සීතල බව දවල් කාලයේ පවතින අධික අව් රශ්මිය වගේ වියලි කාලගුණික වටපිටාවක් නිසා තමයි මේ වෛරස් තත්වය ව්‍යාප්ත වන්නේ. සාමාන්‍යයෙන් දරුවන් අතර තමයි මේ රෝගය තත්ත්වය වැඩිපුර ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒ වගේම වැඩිහිටි අයටත්.

රෝග ලක්ෂණ විදිහට අපිට කියන්න පුළුවන් මුලින්ම වෛරස් උණක් තමයි පටන් ගන්නේ, ඒ වගේම කැස්ස ගතිය නිසා උගුරේ සෙම පැටලෙන ගතිය, කතාකරන්න අමාරු ගතිය වගේ දේවල්. අත් බෙහෙත් කර කර ඉන්න ඉන්න එපා. පළමු දවස් 2 ඉක්ම යන්න කලින් අනිවාර්යෙන්ම සුදුසුකම්ලත් ලගම වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගන්න.

මෙම වෛරස් ස්වභාවය ඇතැම් විට තරමක දිගු කාලයක් පැවතිය හැකියි. උණ පවතින විට දරුවාගේ හිස රත්වීම මූලිකව පවතිනවා. එ වගේම අත් පා සීතල වීම පොදු දෙයක් බය වෙන්න එපා. විජලන ගතියෙන් මුදා ගන්න බලන්න. හැමතිස්සේම ශාරීරයේ ද්‍රව ගතිය වැඩි කරන්න. කායික ශක්තිය වැඩි කරන්න කැමති ඕනෑම කෑමක් දෙන්න බය වෙන්න එපා. කුඩා දරුවන් බෙහෙත් බීමට අරුචියක් දක්වන්නේනම් මව්කිරි, glucose හෝ පැණිරස දෙයකට මිශ්‍රකර පොවන්න උත්සාහ කරන්න. හැබැයි උණ දවස් 7 කට වැඩිය පවතිනවා නම් පාචන ගතිය වමන ගතිය වගේ මුත්‍රා පිට කිරීම අඩු නම් රෝහල්ගත කරන්න ප්‍රමාද වෙන්න එපා.

කුඩා දරුවන්ට බෙරි බත් හා ගස්ලබු වැනි දේවල් කවන්න. හේතුව මේ දිනවල දරුවා කෑමට වුවමනාවක් නැහැනේ. සාමාන්‍ය පුරුදු රටාව දිගටම ගෙනියන්න. පොල් කිරි, බටර් බතට එක් කිරීමේ ගැටළුවක් නැහැ. පාසල් යන වයසේ දරුවන්ගේ සෞඛ්‍ය පුරුදු ගැන දෙමව්පියන් නිතරම දරුවා උනන්දු කරන්න. මුඛ ආවරණ පැළඳවීම, ලේන්සු භාවිතය වගේම කිවිසුම් පිට කරන අවස්ථාවල අත්ලේ පිට කොටස මුඛයට ළංකර කිවිසුම් යැවීමට හුරු කරන්න. හේතුව රෝගය බෝවීම අවම කරන්න. මොකද බෙහෙත් ගත්තම කියලා මෙය වෛරස් රෝගය නැවතීමක් නැහැ නේ. නැවත නැවත බෝවිය හැකි නිසා. නිතර උණු වතුර පානය කරන්න, දුම් ඇල්ලීම වගේ දේවල් හුරුකරන්න. දරුවාට සහනය ලැබේවි.

අනිත් කාරණාව තමයි කැස්සත් සමඟ එන හතිය ස්වභාවය. ඇත්තටම අපි මේක හදුන්වන්නෙ ළමා හතිය අවධිය ලෙසයි. මේක පාලනය කරගත හැකියි. මේ හතිය තත්ත්වයට සාර්ථක ක්‍රමයක් තමයි ඉන්හේලර් මඟින් ඖෂධ ලබා ගැනීම. මේ ක්‍රමයට සමහර දෙමවුපියන් ටිකක් බියවෙනවා බය වෙන්න එපා. හැබැයි හිතුමතේ අනවශ්‍ය විදිහට මේක කරන්න එපා අනිවාර්යයෙන් ම වෛද්‍ය උපදෙස් මත අදාළ කාල සීමා වලට අනුව උපදෙස් පිළිපදින්න

 වෛද්‍ය ලංකා තෙන්නකෝන්
 ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
 මාතර මහ රෝහල

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close