හැඩ වැඩ

දරුවන්ගේ ඇදුම්වලට ප‍්‍රමිතියක් හදන්න සුදානමක්?

ඇදුම් පැලදුම් කියන්නේ අපේ සම සමග දිගුකලක් පුරා සම්බන්ධ වන අමුද්‍රව්‍යයක්. ඩයි වර්ග හා විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු ඇදුම් පැලදුම් සම සමග ස්පර්ශ වීම නිසා විවිධ රෝග ආසාධනතත්වයන්ට පත්වෙනවා.  ඒ අනුව සමේ ඇතිවන ආසාදනත්ව, හිස කැක්කුම, ඔක්කාරය ගතිය, මාංශපේශි හා හන්දි වේදනා, කැරකැවිල්ල, හුස්ම ගැනිමේ ඇතිවන අපහසුතා මෙන්ම පිළිකා ඇතිවිමේ සම්භාවිතා ආදි තත්වයන් ඇතිවෙන බව පර්යේෂණ වලින් සනාථ වෙලා තිබෙනවා. ඉහත සදහන් කළ රෝග තත්ව වලට ප‍්‍රධානම හේතු කාරක වෙලා තිබෙන්නෙ රෙදි පිලිවල විෂ රසායනික ද්‍රව්‍ය හා විෂ අපවිත‍්‍රකාරකයි.  ඒවා බෙහෙවින්ම අපේ පියවි ඇසට නොපෙනන දේවල්. ප‍්‍රධාන වශයෙන්ම දෙමාපියන් විසින් දරුවන්ට ඇදුමක් තේරා ගැනිමේදී අවධානය යොමු කරන්නෙ, මෝස්තර, වර්ණ හා ප‍්‍රමාණයන් ගැන විතරයි.  මේ පිලිවෙත ඉතාම වැරදියි.  ඇදුම් තෝරා ගැනිමේදී, රෙදිවල ගුණාත්මකතාවය, යොදා ඇති අමුද්‍රව්‍ය, පින්තාරු ද්‍රව්‍ය වගේම එම ඇදුම් ඇදිමෙන් සම මත ඇතිව ප‍්‍රතික‍්‍රියා පිළිබදවද අවධානයක් යොමු කල යුතුමයි. ඒ නිසාමයි නිමි ඇදුම් හා රෙදිපිලි කෙෂ්ත‍්‍රයේ ප‍්‍රමුඛතාවයක ලෙස අප (SLITA) දරුවන්ගේ ඇදුම් පැලදුම් වල ගුණාත්මක බවට ප‍්‍රමිතියක් ඇති කිරිමට තීරණය කළේ.
වානිජ කටයුතු අමාත්‍යාංශය යටතේ, රාජ්‍ය ආයතනයක් ලෙස අප හදුනාගත් මෙම ව්‍යාපෘතිය කැබිනට් අනුමැතිය සදහා යොමු කලා. රජය විසින් එය අනුමත කර අපට ලබාදි තිබෙනවා. ඉදිරි මාස කිහිපය තුලදී රජය විසින් එම යෝජනාව ගැසට් කරාවි.
මෙම කි‍්‍රයාදාමය සාර්ථකව සිදු කිරිම සදහා වෛද්‍යවරු, තත්ව පරික්ෂකයන් නිෂ්පාදන ආයතන වගේම පලපුරුදු විද්වතුන් යොදවා තිබෙනවා. මේ කාර්යභාරය පුලුල් පරාසයක විහිදෙනවා. අප මේ නිකුත් කරන  සහතිකයට ශ‍්‍රී ලංකා ප‍්‍රමීති ආයතනයෙන්ද සහතිකයක් නිකුත් කරනවා.  අපි විශ්වාස කරනවා එම සහතිකයෙන් ඒ ඒ සන්නාම වල පවතින කිර්තිනාමයන්ට විශාල වටිනාකමක් වගේම පාරිභෝගිකයන්ටත් වටිනාකමක් ලබාගත හැකි වෙයි කියලා. දේශිය නිෂ්පාදකයන්ට වගේම විදේශ රටවලින් ඇදුම් ආනයන කරන පුද්ගලයන්ට හා සමාගම් වලටත් මෙය බලපානවා.  අපි හිතනවා අපේ රටේ දරු පරපුර ආරක්ෂා කිරිම අපේ වගකීමක් වගේම යුතුකමක් කියලා. දැනට පාරිභෝගික අධිකාරියෙන් මෙය අනිවාර්ය කරලා නැහැ. නමුත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම මේ දෙවල් කි‍්‍රයාත්මක කිරිමට අපේක්ෂා කරනවා.
කුමාර ගජනායක
ප්‍රධාන තාක්ෂණ නිලධාරි
ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය
SLITA
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close