සෞඛ්‍ය සායනය

ඔබ ඉන්ෆ්ලූවෙන්සා රෝගය පිළිඹඳ දැනුවත් ද?

ඉන්ෆ්ලූවෙන්සා A H1N1 රෝගය මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට කැස්ස මගින් බෝවන රෝගයකි. ශ‍්‍රී ලංකාවේ එහි ව්‍යාප්තිය සිදුවන්නේ අපේ‍්‍රල් සිට ජුනි දක්වා සහ නොවැම්බර් සිට ජනවාරි දක්වා කාල පරාසයන් තුලය.

රෝග ලක්‍ෂණ…

  • උණ සහ වෙවුලීම
  • ඇගපත රිදීම
  • ඇස් රතුවීම
  • නාසයෙන් සොටු දියර ගැලීම
  • හිසේ කැක්කුම
  • උගුරේ කැක්කුම
  • කැස්ස
  • වමනය සහ බඩ බුරුලෙන් යැම.

මෙය සුලූ රෝග තත්වයක් ලෙස පැවතුනත් සමහර විට සංකූලතා හේතුවෙන් මාරාන්තික රෝගයක් දක්වා වර්ධනය විය හැක.

ඉන්ෆ්ලූවෙන්සා රෝගයේ සංකූලතා...

  • නියුමෝනියාව
  • හුස්ම ගැනීමේ තදබල අපහසුව
  • හතිය
  • හෘද රෝගීන්ගේ සහ දියවැඩියා රෝගීන්ගේ තත්වය උත්සන්න වීම
  • සිහිනැතිවීම
  • වලිප්පුව

ඉන්ෆ්ලූවෙන්සා රෝගයේ සංකූලතා ඇතිවීමේ අවදානම සමහර පුද්ගලයින්ට අධිකය.

  • අවු 5 ට අඩු දරුවන්,
  • දීර්ඝ කාලීනව ඇස්පී‍්‍රන් ලබාගන්නා ළමුන්,
  • ගර්භණී කාන්තාවන් හා දරු ප‍්‍රසූතියෙන් සති 2 ක කාලසීමාවේ සිටින මව්වරු,
  • දියවැඩියාව, හතිය, හෘද රෝග, අක්මාවේ රෝග හෝ දීර්ඝ කාලීනව රෝග වලින් පීඩා විදින වැඩිහිටියන්,
  • ප‍්‍රතිශක්තිකරණය ඌණ වන ඖෂධ ලබාගන්නන්,
  • HIV රෝගයට ගොදුරුවූවන්,

මෙවැනි පුද්ගලයන් මෙම රොගයෙන් වැලකී සිටින්නේ කෙසේද?

  • ඔබගේ දෑත් සබන් යොදා හොදින් සෝදාගන්න.
  • ඔබට කැස්ස ඇත්විට ලේන්සුවක් හෝ අතේ වැලමිටේ ඇතුල් පෙදෙසින් නාසය සහ මුඛය ආවරණය කර ගන්න.
  • අධික ජන තදබදයක් ඇති ස්ථාන වලට යාමෙන් වලකින්න.
  • ඔබ රෝගයෙන් පෙලේ නම් උණ ගතිය පහවී පැය 24 යන තුරු නිවසටවී විවේක ගන්න.

වෛද්‍යවරයෙකු හමුවිය යුතු අවස්ථා..

  • ඔබ ගැබිනියක නම් උණ ගතිය ඇතිවූ පළමු දවසේම.
  • ඔබ දීර්ඝ කාලීනව හතිය රෝගයෙන් පෙලෙන අතර ඔබට උණ සමග කැස්ස උත්සන්න වන විට.
  • ඔබ දියවැඩියාව හෝ හෘද රෝග සදහා ප‍්‍රතිකාර ලබාගන්නා අතර රෝගය වැලදී ඇත්නම්.
  • ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවේනම්.
  • ඔබට බඩේ කැක්කුම සමග නොකඩවා වමනය ඇත්නම්.

ඉන්ෆ්ලූවෙන්සා රෝගය නිශ්චිතව හදුනා ගැනීමේ පරීක්‍ෂාවක් තිබේද?

උගුරෙන් සහ නාසයෙන් ලබාගන්නා සෙම සාම්පලයක අදාල වෛරසය හදුනාගැනීමේ පරීක්‍ෂණ පහසුකම් ශී‍්‍ර ලංකාවේ ඇත.

ඉන්ෆ්ලූවෙන්සා රෝගයට ඇති ප‍්‍රතිකාර…

අදාල රෝගය තදබල ලෙස ඇතැයි සලකන රෝගීන් සදහා වෛරස නාශක ප‍්‍රතිකාර කරනු ලැබේ.

Oseltamivir (Tamiflu) ටැමීෆ්ලූ
Zianamivir (Relenza)

කැස්ස හා ශ්වසන අපහසුතා මගහරවා ගැනීමට අවශ්‍ය ඖෂධ හා උණ අඩුකර ගැනීමට ඔබට ඖෂධ ලබාදෙනු ඇත.

වෛද්‍ය H. G. P. P. සුධීර
අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි
ගෝනාපීනුවල

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close