ආහාර හා පෝෂණය

රන් පැටියාට මව් කිරි ලබාදිමේ දී මවට වැදගත් කරුණු

අලුත උපන් බිලිදාගේ වර්ධනයේ මුල් අවධිය දරුවාගේ පෝෂණය වැඞීම මව් කිරි සතුයි. මව් කිරි ලබාදිමේදි මව වාගේම පියා හා සමානව පවුලේ සියඵම සාමාජිකයන්ද මේ පිළිබ`ද විශාල උනන්දුවක් දක්වනවා. සමහර අවස්ථාවලදී වැඩිහිටි උපදෙස් පැතීම වාගේම ඇතැම් කොටස් විවිධ මන්තර ගුරුකම් හා නක්ෂත‍්‍රකරුවන් පවා මැදිහත් කරගෙන විවිධ ශාන්ති කර්ම වලට පවා යොමු අවස්ථා දැක තිබෙනවා. වෛද්‍ය විද්‍යාවට අදාලව මව් කිරි ලබා ගන්නා දරුවෙකුගේ පෝෂණ සම්බන්ධ මව විසින් පූර්ණ වශයෙන් දැනුවත් විය යුතු කාරණ කිහිපයක් තිබෙනවා.

පළවෙනි කාරණය තමයි මව්වරු කියනවා ”අනේ මට කිරි නැහැනේ කියලා” සමහර අය කියනවා දරුවාට මට දෙන්න ප‍්‍රමාණවත් කිරි නැ වාගේ දේවල්. දරුවා වෙනුවෙන් මව් කිරිම එරීම ස්වභාවික තත්වයක්. ඒ සදහා ප්‍රොලැක්ටීන් සහ ඔක්සිට්‍රොසීන් නැමති හෝමාන වර්ග 2ක පිටියුටරිය නැමැති මිනිස් මොළය පිහිටා ඇති විශේෂ ග‍්‍රන්ථියක් මගින් නිපදවා මවගේ රුධිරයට එක් කරනවා. ප්‍රොලැක්ටීන් මගින් මව්කිරි නිෂ්පාදනය ඉහළ දමන අතර ඔක්සිට්‍රෝසීන් මගින් මව්කිරි නිකුත් කිරිම පාලනය කරනවා. මෙම හෝමෝන යුගලය මොළය තුළ නිෂ්පාදනය කර ගැනීම සඳහා උත්තේජනයක් අවශ්‍යයි. ඒ සඳහා බාහිර පරිසරයේ සහයෝගී බව සහ විශ්වාසය යන සාධක මේ අතර වැදගත්. ඒ කියන්නේ දරුවාට කිරි ලබාදීමේදී මවගේ සුදානම වාගේම අනිත් අය ඒ සඳහා දක්වන සහයෝගය වැදගත්.

ප‍්‍රධාන දේ තමයි මානසිකව හිතන ඝෘනාත්මක සිතුවිල්ල අනේ මට කිරි නැහැ කියන ”සිතිවිල්ල”, දරුවාට කිරිදෙන්න කලින් මේ වැඬේ කරන්න එපා කවදාවත්ම. ඔබ නිතරම ධනාත්මකව හිතන්න. දරුවාට හොඳට කිරිදෙන්න. අනේ මාගේ පැටියාට හොඳට කිරි බොන්න. ඔයාට ඕනතරම් කිරි අම්මා ලඟ තියෙනවා යන හැගීම ඇති කරගන්න. දරුවා තුරුඵ කරගනිමින් දරුවාට අවශ්‍ය සේ කථා කරමින් දරුවා අත ගාමින් කිරිදෙන්න. එවිට දරුවාට දැනෙන උත්තේජනයක් ඔබෙන් සිදුවන උත්තේජනයත් සංකලනයෙන් සාර්ථක ප‍්‍රථිපල උදාකර ගත හැකිය.

අනිත් දේ තමයි අපි දැකලා තියෙනවා ගොඩක් අම්මලා සෙලියුලර් ෆොන් බහුලව භාවිතා කරනවා. දරුවාට එල්ලී එල්ලී කිරිබොන්න දීලා අම්මා ෆොන් එකෙන් ෆේස්බුක් හරි හිතවත් අයට කථා කරන අවස්ථා දැක තිබෙනවා. මේ වැඬේනම් අත්හරින්නම වෙනවා. දරුවාට පවතින ආදරය මොබයිල් ෆොන් එකට දෙන්න එපා. මේකට අම්මලා හේතුත් කියනවා. සිසේරියන් සැත්කමකින් දරුවා ගත්තු මව්වරු තුවාල සහ අනිකුත් වේදනා ඇතිවීම් වාගේම ඒකාකාරි ජීවන රටාවෙන් ටිකක් මිදීමට මේ දේවල් කරනවා කියලා. කමක් නෑ හැබැයි දරුවා වෙනුවෙන් කැප කරන කාලය දරුවා සමගම ඉන්න බලන්න. දරුවා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා වාගේම දරුවාගේ කි‍්‍රයාකාරකම් දැකලා ඔබගේ අපහසුතා පහව යයි. සමහර විට ඔබ සිතාවි දරුවා හොදට කිරිබොනවා මේ වාගේ වේලාවට ඔය කියන දේවල් වෙන් නෑ කියලා. මතක තියා ගන්න දරුවා ඉන්න ඉරියව්ව පවා අපට අමතක වෙනවා. ඔබ කොච්චර හිතුවත් ඔබ ඉන්නේ දරුවත් එක්ක කියලා ඉන්නේ මානසික වෙන ලෝකයක. ඒක අපිට අමතක වෙනවා. ඔබ හා දරුවා අතර පවතින මානසික සම්බන්ධතා අතපසු වීම මත ටික වේලාවක් යන විට කිරි එරීම නවතිනවා ඉබේටම. මොකද ඔබ ඉන්නේ වෙන කල්පනාවක නිසා. සමහර විට දරුවා තණ පුඩුවේ ඉල්ලීම නින්දට වැටී කාලය පමණක් ගෙවිලා තියෙන්න පුඵවන්. ඔබ හිතයි දරුවා හොදට කිරි බිව්වා දැන් නිදි ඇති කියලා. බලන්න විනාඩි දහයක් පමණ ගතවෙන විට දරුවා කෑ ගසමින් අවදි වෙයි. ඒ කියන්නේ හරියට කිරි බිලත් නෑ. දීලත් නෑ. ඔබගේ නොසැකිලිමත් බව අනවශ්‍ය හදිස්සිය වාගේම අවස්ථානුකූල නොවීම දරුවාටත් දරුවාගේ පෝෂණයටත් කෙතරම් බලපානවාද කියා ඔබට තේරේවි.

වෛද්‍ය නිශාන්ත සමරවීර
ජෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිලධාරි
ශික්ෂණ රෝහල මහ මෝදක් 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close